2026 ජුනි, ශ්රී ලංකාවේදී - The Foundation For A Good Life (TFGL) සමාගම විසින් Good Life X (GLX) සමග එක්ව, පාරිසරික තර්ජනයක් බවට පත්ව ඇති ජපන් ජබර වගකීම් සහගත ලෙස කළමනාකරණය කිරීම හරහා අගනා පුනර්ජනන අමුද්රව්යයක් ලෙස ස්ථානගත කිරීමට සක්රීයව මැදිහත් වෙමින් සිටී. මේ සදහා එක්සත් රාජධානියේ Scott Dunn ආයතනයත්, Conservation Collective ව්යාපෘතියත් සමග එක්ව, මෙම අධ්යයනය සහ වැඩසටහන් මාලාවට මුල්යමය ආධාර ලබාදේ. Lanka Environment Fund එහි දේශීය හවූල්කරු ලෙස, ඔවුන්ගේ නායකත්වය යටතේ මෙම වැඩසටහන ක්රියාත්මකවේ. මාස අටක කාලයක් පුරා ක්රියාත්මකවන, වෙළෙඳපොළ ඉලක්කකර ගත් වැඩසටහනක් ලෙස ගොඩනගා ඇති මෙම ව්යාපෘතිය, ශ්රී ලංකාවේ ශීඝ්ර පාරිසරික තර්ජනයක් බවට පත්ව ඇති ජපන් ජබර, තිරසර ජීවනෝපාය සහ චක්රීය නවෝත්පාදන මාර්ගයක් බවට පත් කිරීම වෙනුවෙන් දියත් කෙරේ.
To read the full story visit https://tinyurl.com/v2jya83u